Tuesday 2 February 2010

න්නවාද ඔබ
පරඬලාපත් ඇවිලෙන
විසල් ස්ටෙප්ස් තණ බිම මත
නෙකවණින්
සොඳුරු බිම්මල් පිපෙන වග ........
පෙති දෙපෙති එක් කොට
වාරු දී පිබිදෙන
රොබරොසියා යායක
සිව්සියක් සුවඳති මල්
අයාලේ යන සඳ............
මල් කවක් පිපිලා
අහා.......!!!!
මගේ "කටරොඩු" අත්තේ
ගුම් නඳින පෙමිනා
මිලොල් පෙම් කව් රොත්තේ

මුදු සඳව රැඳෙනා
අඳුරු කලු මකනා
සුවඳ දෙමි නිතිනා
මල රකිම් පෙමිනා

Saturday 30 January 2010

අමතකව ගිය
මතක දහසක් මැද
දුකම ලියවන
මතක පොත නුඹ...........
නැවුම් බසෙකින් වදන් අමුණන
සුපෙම් කව් මුතු සදිසි මුදු සර
මතක බණවර අවසනට යලි
කවක් වී මම පිපෙම් හදවිල.......

සඳත් සැඟවුණු අඳුරු අහසෙක
තරුත් ගනඳුර නොමකනා සඳ
යලිත් නටඹුන් මැදින් සුදිලෙන
පහන්ටැඹ වී දිලෙම් හදඹර.......
පහන් කන්ද පාමුල මම
බලන් ඉදිමි ඔබ එනතුරු
පාලු අඳුරු සොහොන් බිමෙක
දුකඳුරු මතකය වලදා.......

යලිත් දිනෙක පායන්නට
පහන් කන්ද අරා නැඟෙන
පසලොස්වක සඳ මඩලට
අප පෙම මතකය දුන මැන.....