Saturday 30 January 2010

නැවුම් බසෙකින් වදන් අමුණන
සුපෙම් කව් මුතු සදිසි මුදු සර
මතක බණවර අවසනට යලි
කවක් වී මම පිපෙම් හදවිල.......

සඳත් සැඟවුණු අඳුරු අහසෙක
තරුත් ගනඳුර නොමකනා සඳ
යලිත් නටඹුන් මැදින් සුදිලෙන
පහන්ටැඹ වී දිලෙම් හදඹර.......

No comments: