Monday, 28 December 2009

පහන් තාරකා...........

අහස් ගව්වෙන් එහා
ඉමක් නොපෙනෙන දුරක
පහන් නොවනා රැයක
කවක් වී සුගැයෙන්න

අමාවක එලි කඩෙක
අහස්තල පියසි මත
දුරුත්තෙන් මතුයලිත්
එපා ඔබ සුදිලෙන්න

Wednesday, 23 December 2009

සුසුමුදු සුමුදු මල් පියල්ලෙක
දවටා මගෙ හද
මහිමි පියබඳව
එවනට වරම් වෙද මට

Sunday, 20 December 2009

පායනවානම් පායන්න ඉරක් වගේ,,,,හඳක් වගේ මට හිතෙන්නෙම මේ අහස මට මදි කියලාමයි........අහසෙ කෙලවර හොයන මෝඩ පලඟෑටියෙක් වගේ නිදි මරාගෙන මම හොයන්නෙ මොනවද??????????අනාගතේ අතේ තියාන මම මේ කැරකි කැරකි හොයන්නෙ මොනවද කියන්න පුලුවන්ද??මෙහෙමත් හිතෙනවා මට,,,,,එපා කියන්න කියන්න හිතුවක්කාර පලගැටියා වෙන්නමයි හිත,,,,,,,,මගෙ අහසට ඉමක් නිමක් නැහැ....අනවරතෙ කඩුලු හදන් මාව හිරකරන්න මට බැහැ...!!!!!!!!!

Friday, 18 December 2009


පොතක් ලියන්න තරම් කෝ මට කතාවක්.......මට තියෙන්නෙ හිතක් වීතරයි,ඒකත් බාගෙට ඉදුන පුහුලමක්....
හස තරම් ප්‍රාර්ථනා ,හිතට හොරා උපන් කවි,........හ්ම්!!!!!කවුරු දන්නවද ඇත්තටම......වහින්න හදන අහසට මොටද මයෙ වගක්,,, වහින්න වහින්න හේදෙන හිතයි,පාලුම පාලුවට ගිය බොරපාට පොලවයි මට කියන්නෙ මොනවද???හිතුවත් හිතට හිතිවිල්ලක් නේන හැටි......පාලු අම්බලමක මූසල රෑයක් ගෙවන්න නම් මේ කුඩුකේඩුකාර වැස්ස අපූරුයි.........

Thursday, 17 December 2009

සඳ......,

සඳක් නම් බැස යායුතු
අරුණ පිණි ඇතිරූ යහන් දැක.............
යලිත් හෙට සුදිලිය යුතු
"සඳක් සේ "බැස යා යුතු,