Saturday, 30 January 2010

අමතකව ගිය
මතක දහසක් මැද
දුකම ලියවන
මතක පොත නුඹ...........
නැවුම් බසෙකින් වදන් අමුණන
සුපෙම් කව් මුතු සදිසි මුදු සර
මතක බණවර අවසනට යලි
කවක් වී මම පිපෙම් හදවිල.......

සඳත් සැඟවුණු අඳුරු අහසෙක
තරුත් ගනඳුර නොමකනා සඳ
යලිත් නටඹුන් මැදින් සුදිලෙන
පහන්ටැඹ වී දිලෙම් හදඹර.......
පහන් කන්ද පාමුල මම
බලන් ඉදිමි ඔබ එනතුරු
පාලු අඳුරු සොහොන් බිමෙක
දුකඳුරු මතකය වලදා.......

යලිත් දිනෙක පායන්නට
පහන් කන්ද අරා නැඟෙන
පසලොස්වක සඳ මඩලට
අප පෙම මතකය දුන මැන.....
මහද කව් විල මත
පිබිදි පෙන බුබුලෙක
අසුරු සැනයෙක
විසිරි බිඳලනු නොව

දහස් කප් කල් තව
සුපෙම් නුඹ හදඹර
සුදිලි සඳවත ලෙද
ඉදින් බබලෙම් මම.....
සඳක් නම් බැස යායුතු
අරුණ පිණි ඇතිරූ යහන් දැක.............
යලිත් හෙට සුදිලිය යුතු
"සඳක් සේ "බැස යා යුතු,

Friday, 29 January 2010

myspace graphics

myspace graphics

එකම අකුර යලි ලියවෙන
ලියන ලියන පද වරදන
මතක මඟට මහද යොමන
මතකයේ මඟ ලකුනු කියන

සුසුමක උණුසුම පවසන
සරයක කොපුලත දැවටෙන
සැනසුම කොහිවෙද විමසන
හදවත මා ඔබම සොයන
ඇවිත් ගුරු පාරෙන්
ඔබේ මඟටම වට
ඉතින් යමි හැල්මේ
නොදත්තෙමි මගෙ හෙට......

අඳුරු හෙල් තැනිතලා
පසුකරමි විගසට
සොඳුරු වනපස මල්
සුවඳ මතක කොට........
සුපෙම් හදකින් නොවක්

ලියම් තව පෙම් කවක්
ලද නොනිම් පෙම් සුවක්
හද රැඳී මුදු රුවක්

ආකාස්මිකා..!
හිතෙයි මට තව වරක්
ඕපපාතික හිතට
ඔබ මල් හීන ලොවක්.....

-ඕපපාතික-
ගමන යන්නට
මගේ පාරෙන්
ඔබත් එනවද
හෙටත් ආයෙත්

කවක් වෙන්නට
සිතුම් යායෙත්
ඉඩක් නැතිවත්
හිතෙයි ආයෙත්

NASA found water from moon-2009/11/14
මුනිවත රැඳි වත
සො සිත සනසත
සැනසුම් බස් දෙත
කහවනු සැඟවෙත

හිතවත පැමිනෙත
channelingඅරඹත
ගුලි tablet වෙත
තොර දොස් තර වෙත
උසකින් වැටී
දතකුත් කැඩී
මම ඉන්නවා
ඔහෙ වැනි වැනී

අහසත් උසක්ද
මම ගිය උසක්
කැඩුනට දතක්
මම දැන් රජෙක්

බොරුවක් වුනත්
තව සැරසුවොත්
මත්තට එයත්
වෙයි ලොකු ජයක්

අනේ කූඹ්යනේ
අපටත් රජෙක් ඉන්නේ
ඉතින් අපි හැමදා
කිරිබත්ම කන්නේ

Friday, 15 January 2010

Thursday, 14 January 2010

හෙටක පැතුම........

මගේ සඳවත
කිමද මුනිවත
බැඳුනු අතැඟිලි
අතැර යායා

අරා ගුවනත
සුදිලි වුවනත
දවා හදවත
සැඟව යායා

පෙමින් නිවි සිත
සොවින් බර වත
මතක අන්දර
කිති කවායා

සුපෙම් සුන්දර
එකව් අන්දර
හදෙහි නින්නඳ
රැව් නඟාවා!!!!!

Sunday, 10 January 2010

Monday, 4 January 2010


දැව්වේ අහස කලු කරවා වහින්නටයි
මැව්වෙ සහස් සුපතුම් හද බැඳෙන්නටයි
ගව්වේ දුරක නොව හිත ලඟ රැඳෙන්නටයි
සෙව්වේ ඔබම විඳි කඳුලින් මිදෙන්නටයි