Monday 4 January 2010


දැව්වේ අහස කලු කරවා වහින්නටයි
මැව්වෙ සහස් සුපතුම් හද බැඳෙන්නටයි
ගව්වේ දුරක නොව හිත ලඟ රැඳෙන්නටයි
සෙව්වේ ඔබම විඳි කඳුලින් මිදෙන්නටයි

1 comment:

තිළිණ මධුශංඛ said...

කලු වූ අහස වැසි දහසක් වසීවා
මැවූ සහස් සුපැතුම් හද බැඳේවා
ගෙවූ ගව් ගණන් සිත දිරි ගෙනේවා
නැගූ කඳුලු නෙතු මානෙන් මිදේවා

අලුත් හිරුගෙ කිරණීන් මල පිපේවා
පිපී වැනි වැනී සුවඳත් තව ගෙනේවා
මලුත් අලුත් පිපිලා මල නැගේවා
මලේ සුවඳ මගෙ සිත තුළ තිබේවා