Friday, 29 January 2010

උසකින් වැටී
දතකුත් කැඩී
මම ඉන්නවා
ඔහෙ වැනි වැනී

අහසත් උසක්ද
මම ගිය උසක්
කැඩුනට දතක්
මම දැන් රජෙක්

බොරුවක් වුනත්
තව සැරසුවොත්
මත්තට එයත්
වෙයි ලොකු ජයක්

අනේ කූඹ්යනේ
අපටත් රජෙක් ඉන්නේ
ඉතින් අපි හැමදා
කිරිබත්ම කන්නේ

Friday, 15 January 2010

Thursday, 14 January 2010

හෙටක පැතුම........

මගේ සඳවත
කිමද මුනිවත
බැඳුනු අතැඟිලි
අතැර යායා

අරා ගුවනත
සුදිලි වුවනත
දවා හදවත
සැඟව යායා

පෙමින් නිවි සිත
සොවින් බර වත
මතක අන්දර
කිති කවායා

සුපෙම් සුන්දර
එකව් අන්දර
හදෙහි නින්නඳ
රැව් නඟාවා!!!!!

Sunday, 10 January 2010

Monday, 4 January 2010


දැව්වේ අහස කලු කරවා වහින්නටයි
මැව්වෙ සහස් සුපතුම් හද බැඳෙන්නටයි
ගව්වේ දුරක නොව හිත ලඟ රැඳෙන්නටයි
සෙව්වේ ඔබම විඳි කඳුලින් මිදෙන්නටයි

Monday, 28 December 2009

පහන් තාරකා...........

අහස් ගව්වෙන් එහා
ඉමක් නොපෙනෙන දුරක
පහන් නොවනා රැයක
කවක් වී සුගැයෙන්න

අමාවක එලි කඩෙක
අහස්තල පියසි මත
දුරුත්තෙන් මතුයලිත්
එපා ඔබ සුදිලෙන්න