Saturday, 30 January 2010

අමතකව ගිය
මතක දහසක් මැද
දුකම ලියවන
මතක පොත නුඹ...........
නැවුම් බසෙකින් වදන් අමුණන
සුපෙම් කව් මුතු සදිසි මුදු සර
මතක බණවර අවසනට යලි
කවක් වී මම පිපෙම් හදවිල.......

සඳත් සැඟවුණු අඳුරු අහසෙක
තරුත් ගනඳුර නොමකනා සඳ
යලිත් නටඹුන් මැදින් සුදිලෙන
පහන්ටැඹ වී දිලෙම් හදඹර.......
පහන් කන්ද පාමුල මම
බලන් ඉදිමි ඔබ එනතුරු
පාලු අඳුරු සොහොන් බිමෙක
දුකඳුරු මතකය වලදා.......

යලිත් දිනෙක පායන්නට
පහන් කන්ද අරා නැඟෙන
පසලොස්වක සඳ මඩලට
අප පෙම මතකය දුන මැන.....
මහද කව් විල මත
පිබිදි පෙන බුබුලෙක
අසුරු සැනයෙක
විසිරි බිඳලනු නොව

දහස් කප් කල් තව
සුපෙම් නුඹ හදඹර
සුදිලි සඳවත ලෙද
ඉදින් බබලෙම් මම.....
සඳක් නම් බැස යායුතු
අරුණ පිණි ඇතිරූ යහන් දැක.............
යලිත් හෙට සුදිලිය යුතු
"සඳක් සේ "බැස යා යුතු,

Friday, 29 January 2010

myspace graphics

myspace graphics